253
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පැවති සටන් විරාමය බිඳ වැටී ඇති බව දැකීම “වේදනාකාරී” බව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සදහන් කරයි.
උන්වහන්සේ පවසා ඇත්තේ, හැකි ඉක්මනින් නව සටන් විරාම ගිවිසුමකට එළැඹෙන ලෙස ඒ හා සම්බන්ධයෙන් කටයුතු කරන සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවයි.
ගාසා තීරයේ තවමත් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින ජනතාව සහ පලස්තීන භූමියේ මූලික අවශ්‍යතා නොමැතිකම ගැන තමා සිහිපත් කරන බව ද පාප් වහන්සේ පැවසීය.
පෙනහළු දැවිල්ලකින් පෙළෙන පාප් වහන්සේ සිය ඉරිදා මෙහෙය පණිවිඩය ඉදිරිපත් කරන අතරතුර පාප් වහන්සේගේ වචන සහායකයකු විසින් කියවන ලදී.