Home » හන්තානේ අතරමංව සිටි සරසවි සිසුන්ව බේරා ගැනේ

හන්තානේ අතරමංව සිටි සරසවි සිසුන්ව බේරා ගැනේ

by chanaka
December 3, 2023 8:27 am 0 comment

චාරිකාවක් අතරතුර හන්තාන කඳුවැටියේ අතරමංව සිටි රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 180 දෙනෙකු බේරාගෙන තිබේ.

යුද හමුදාව සහ පොලීසිය එක්ව සිදු කළ ගලවා ගැනීමේ මෙහෙයුමකදීයි ඔවුන් සොයාගෙන ඇත.

අයහපත් කාලගුණය හේතුවෙන් රාගම වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන් 180ක් හන්තාන කඳුවැටියේ අතරමං ව තිබුණි.

එම පිරිස අතර, පිරිමි සිසුන් 60ක් සහ කාන්තා සිසුන් 120ක් සිටින බව වාර්තා විය.

පොලීසිය සහ යුද හමුදාව එක්ව මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළ නමුත් අයහපත් කාලගුණය හේතුවෙන් අතරමං වූ සිසුන් සමඟ කිසිදු සන්නිවේදනයක් ස්ථාපිත කරගැනීමට නොහැකිව තිබූ අතර පසුව ඔවුන් සම්බන්ධ කර ගැනීමට හැකිව තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT