Saturday, May 10, 2025
Home » කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අත්හිටුවයි

කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අත්හිටුවයි

by chanaka
December 4, 2023 4:25 pm 0 comment

කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ වෛද්‍ය පීඨය හැර කැලණිය විශ්වවිද්‍යාලය අද (04) පස්වරු 2 සිට නැවත දැනුම්දෙනතුරු වසා දමන බවයි.

ඒ අනුව අදාළ නිවේදනයෙන් සියලුම සිසුන් වෙත දැනුම්දෙනු ලබන්නේ හෙට (05) උදෑසන 8ට පෙර සියලුම නේවාසික සිසුන් සිය නේවාසිකාගාරවලින් ඉවත්විය යුතු බවයි.

එසේම නැවත දැනුම්දෙනතුරු කැලණිය විශ්වවිද්‍යාලයේ දළුගම පරිශ්‍රය ඇතුළු විශ්වවිද්‍යාලයට අයත් පරිශ්‍රයන් වෙත සහ විශ්වවිද්‍යාලයට අයත් සියලුම අභ්‍යන්තර සහ බාහිර නේවාසිකාගාර ශිෂ්‍යශිෂ්‍යාවන්ට තහනම් කර ඇත.

කැළණිය විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අංශ නිලධාරියෙකුට පහර දීමක් හේතුවෙන් එම තීරණය ගත් බව සදහන් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT