Home » ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සුබ පණිවිඩයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සුබ පණිවිඩයක්

by chanaka
December 4, 2023 9:33 pm 0 comment

නොබෝ දිනකදී ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පැනවූ තහනම ඉවත් වනු ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විශ්වාසය පළ කර සිටියි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම ඉවත්කරගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ බලධාරීන් සමග දුරකථනයෙන් අදහස් හුවමාරු කරගත් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා,

“මට ලොකු විශ්වාසයකින් කියන්න පුළුවන් ICCයත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඔවුන් නොබෝ දිනකින් අපේ තහනම ඉවත්කරන බවත් දුරකථනයෙන් කළ සංවාදයකදී ප්‍රකාශයක් කළා. ඔවුන් සඳහා ලිපිය ලබාදෙන්න ඕන. මම හිතනවා මේ සතිය තුළ එයත් ලබාගැනීමේ හැකියාව අපිට තියෙයි. ශම්මි සිල්වාට එරෙහිව තියෙන හැම චෝදනාවක් ම ඒ වෙලාවේම මම ICCයට ඉදිරිපත් කරනවා. ICCයේ තමයි සල්ලි . ලංකාවේ රජයේ සල්ලි නෙමෙයි. ඒ නිසා අපිට පුංචි ප්‍රශ්නයක් තියෙනවා . හැබැයි අපි ගෙනාපු නීතියක් මේ රටේ තියෙනවා. ඒක තමයි දූෂණ මර්ධන නීතිය.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x