Home » දකුණු පිලිපීනයේ කතෝලික දේව මෙහෙයකට බෝම්බ ප්‍රහාරයක්

දකුණු පිලිපීනයේ කතෝලික දේව මෙහෙයකට බෝම්බ ප්‍රහාරයක්

-ප්‍රහාරය පසුපස ඉස්ලාමීය සංවිධානයක් සිටින බව රජය කියයි

by sachintha
December 4, 2023 1:00 am 0 comment

දකුණු පිලිපීනයේ ඊයේ උදෑසන කතෝලික දේව මෙහෙයක් අතරතුර සිදු වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් සිව්දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව බීබීසී පුවත් සේවය වාර්තා කළේය. මේ පිපිරීම සිදු වී ඇත්තේ එරට විශාලතම මුස්ලිම් නගරය වන මරාවි නුවර මින්ඩානෝ විශ්වවිද්‍යාලයේ ශාරිරීක අභ්‍යාස මධ්‍යස්ථානයක පැවැති දේව මෙහෙයකදී බව ද වාර්තා වේ. බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයන් 42 දෙනකු රෝහල්ගත කර ඇති අතර, ඉන් වැඩිදෙනකු සුළු තුවාල ලබා ඇතැයි බීබීසී පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

මරාවි නුවර ඉස්ලාම් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධව පසුගිය කාලයේ දැඩි අවධානයට ලක් වූ නගරයක් වන අතර, 2017 වසරේදී රජයේ හමුදාව සහ ඉස්ලාම් සංවිධාන අතර මාස පහක යුද ගැටුමක් සිදු වූයේ එම නගරයේදී බව ද සඳහන් වේ.

මේ බෝම්බ ප්‍රහාරය මරාවි නුවර ඩුලා ඉස්ලාමියා කණ්ඩායම විසින් සිදු කරනු ලැබූ බවට ආරක්ෂක අංශ සැක පහළ කර තිබේ. පසුගියදා මරාවි නුවරට යාබද නගරයේදී පිලිපීන හමුදාව සමඟ සිදු වූ ගැටුමකින් එම කණ්ඩායමේ සාමාජිකයන් 11 දෙනකු ඝාතනය වීමේ සිදුවීමට ප්‍රතිප්‍රහාරක් වශයෙන් මේ බෝම්බ ප්‍රහාරය එල්ල වූ බවට අනුමාන කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT