ඉතාලියේ එට්නා ගිනි කන්ද යළි පුපුරා ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට සතියකට දෙකකට පෙර සක්‍රීය වූ මේ ඓතිහාසික ගිනි කන්ද විදාරණය වීමෙන් උණුසුම් ලාවා කඳු බෑවුම් ඔස්සේ පහළට ගලා යෑමෙන් පෙරේදා රාත්‍රි එම ගිනි කන්ද පිහිටි සිසිලියා දූපතේ කතානියා අහස ආලෝකවත් වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. කතානියා ගුවන්තොටුපොළ ආසන්නයේ පිහිටි ලෝක ප්‍රකට එට්නා ගිනි කන්ද යුරෝපයේ වඩාත්ම සක්‍රීය ගිනි කන්ද ලෙස ප්‍රචලිත වුවද, එහි පිපිරීම්වලින් හානි සිදුවන්නේ කලාතුරකින් බව ද වාර්තා වේ. මීටර් 3,300ක් උසැති එට්නා ගිනි කන්දේ විදාරණය පැය කිහිපයක් පැවැති බව ප්‍රදේශවාසීන් සඳහන් කර තිබේ. අවසන් වරට එට්නා ගිනි කන්ද මහ පරිමාණයෙන් පිපිරී ගොස් ඇත්තේ 1992 වසරේදීය.
කතානියා රාත්‍රි අහස එළිය කරමින් එට්නා ගිනි කන්ද යළි ඇවිළෙයි
by sachintha
December 4, 2023 1:00 am
0 comment
298
මීලඟ පුවත