Saturday, May 10, 2025
Home » අධික හිමපතනය මියුනිච් ගුවන්තොටුපොළ වසා දමයි ගුවන් ගමන් වාර 760ක් නවතී

අධික හිමපතනය මියුනිච් ගුවන්තොටුපොළ වසා දමයි ගුවන් ගමන් වාර 760ක් නවතී

by sachintha
December 4, 2023 12:27 am 0 comment

 

අධික හිමපතනය හේතුවෙන් ජර්මනියේ මියුනිච් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් ගමන් වාර 760ක් අවලංගු කිරීමට සිදු වී ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය. මියුනිච් පොදු ප්‍රවාහන සමාගමේ ප්‍රකාශකයකු සඳහන් කර ඇත්තේ හිම පතනය හේතුවෙන් බස් රථ, ට්‍රෑම් රථ සහ ඇතැම් දුම්රිය සේවා ද අත්හිටුවීමට සිදු වූ බවය. මියුනිච් මධ්‍යම දුම්රිය ස්ථානය දක්වා පැමිණෙන සියලු දුම්රියන් අවලංගු කර එම දුම්රිය ස්ථානය වසා දැමූ බව ජර්මනියේ ජාතික දුම්රිය සමාගමක් වන ඩොයිෂ් භාන් සමාගම ප්‍රකාශ කර තිබේ. මේ තත්ත්වය හේතුවෙන් අතිවිශාල සංචාරකයන් පිරිසක් එම දුම්රිය ස්ථානයේ අතරමංව සිටින බව ද සීඑන්එන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT