Saturday, May 10, 2025
Home » මෙරාපි යළිත් සක්‍රීය වෙයි

මෙරාපි යළිත් සක්‍රීය වෙයි

by chanaka
December 4, 2023 7:08 am 0 comment

ඉන්දුනීසියාවේ මෙරාපි ගිනි කන්ද ඉරිදා පුපුරා ගිය බව එරට බලධාරීන් විසින් සදහන් කරයි.

බටහිර සුමාත්‍රා හි ලෝකයේ වඩාත්ම ක්‍රියාකාරී ගිනි කන්දක් ලෙස ද මෙරාපි ගිනි කන්ද හැදින්විය හැකිය.

එහි උණුසුම් අළු සහ අනෙකුත් ගිනිකඳු සුන්බුන් කිලෝමීටර තුනක් උසට අහසට විහිදී යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දුනීසියානු රජය විසින් පවත්වාගෙන යනු ලබන ස්වභාවික සම්පත් සංරක්ෂණ නියෝජිතායතනය විසින් X හි වීඩියෝවක් පළ කර ඇති අතර, ගිනි කන්ද පුපුරා යාමෙන් පසු අධික අළු දුමාරයක් අහසට ගලා යන ආකාරය එහි පෙන්නුම් කෙරේ.

මෙම ගිනි කන්ද ආසන්නයේ පිහිටි බුකිටින්ගි නගරයේ ලක්‍ෂයකට අධික ජනතාව ආරක්‍ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

ජීවිත හානි හෝ යටිතල පහසුකම් වලට හානි සිදු වූ බවට ක්ෂණික වාර්තා නොමැත.

මෙරාපි ගිකි කන්ද, මීටර් 2,891 (අඩි 9,485) උසකින් යුක්ත වන අතර එය පිහිටා ඇත්තේ සුමාත්‍රා දූපතේ වන අතර, එහි ආවාටයේ සිට කිලෝමීටර් තුනක අරය තුළ පදිංචිකරුවන්ට සහ සංචාරකයින්ට කඳු නැගීම බලධාරීන් විසින් දිගු කලක් තිස්සේ තහනම් කර තිබුණි.

මේ වන විටත් එහි පිපිරීම් සිදුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT