Home » මෝදිගේ සතුට ඉහළට

මෝදිගේ සතුට ඉහළට

by chanaka
December 4, 2023 10:39 am 0 comment

ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණ හතරෙන්, තුනක ජය හිමි කර ගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සමත්ව තිබේ.

ලබන වසරේ පැවැත්වෙන මැතිවරණයට පෙර ඉන්දියාවේ පැවති ප්‍රධානම මැතිවරණය මෙයවේ.

භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය කර ඇත්තේ, මධ්‍ය ප්‍රදේශ්, රාජස්ථාන් සහ චත්තිස්ගාර් යන ප්‍රාන්ත තුනයි. දකුණු දිග තෙලන්ගානා ප්‍රාන්තය භාරතීය ජනතා පක්ෂය පරදවා කොංග්‍රස් පක්ෂය ජයග්‍රහණය කර ඇත.

පස්වැනි ප්‍රාන්තය වන මිසෝරාම් හි ඡන්ද ගණන් කිරීම අද සිදු කිරීමට නියමිතය.

ලබන වසරේ පැවැත්වෙන මහ මැතිවරණයේදී තෙවැනි වාරය ලබා ගැනීම සඳහා මෝදි අග්‍රාමාත්‍යවරයා‍ගේ අපේක්ෂාව මෙම මැතිවරණය කැඩපතක් වනු ඇති බව විදෙස් විශ්ලේශකයින් පෙන්වා දෙයි.

පාලක භාරතීය ජනතා පක්ෂයට කොංග්‍රස් පක්ෂයෙන් දැඩි අභියෝගයක් එල්ල නොවනු ඇති බව විශ්ලේශකයින්ගේ අදහස වේ. මෙම ජයග්‍රහණය ද වැදගත් වන්නේ භාරතීය ජනතා පක්ෂය ප්‍රාන්ත මැතිවරණ වලදී පසුබෑම් පෙන්නුම් කිරීම හේතුවෙනි.

ඊයේ පැවති මැතිවරණය දක්වාම, පාර්ලිමේන්තුවේ පහසු බහුතරයක් ලබා ගත් භාරතීය ජනතා පක්ෂය – ඉන්දියාවේ ප්‍රාන්ත 28 න් 15 ක් පාලනය කරන අතර ඉන් 9 ක් එම පක්ෂය සෘජුවම පාලනය කරයි.

අනෙක් කුඩා හවුල්කරුවන් සමග සන්ධාන ගතවී පාලනය ගෙන යමින් සිටි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x