අත්අඩංගුවට ගත් කල්මුණේ ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ පාලකවරිය දෙසැම්බර් 15වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගර ගත කිරීමට අධිකරණය නියෝගකර තිබේ.
කල්මුණේ, ඉස්ලාමාබාද් ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක රඳවා සිටි 17 හැවිරිදි පිරිමි දරුවාගේ මරණය සම්බන්ධයෙන් එහි පාලිකාව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මෙම පාලිකාව ත්‍රිකුණාමලය, උප්පුවේලි ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි වියේ පසුවන තැනැත්තියකි.
වැඩිදුර පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ, අදාළ දරුවා අකීකරු බව පවසමින් මෙම පාලිකාව විසින් කොසු මිටකින් පහරදී ඇති බවටය.
අම්පාර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මෙය පහරදීමකින් සිදුවූ මරණයක් බවට තහවුරු කර තිබේ.
මෙම 17 හැවිරිදි පිරිමි දරුවා මඩකලපුව කොක්අඩිචෝලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත්ව තිබුණි.
අනතුරුව මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම ළමා නිවාසයේ රඳවා තැබීමට නියෝග කර තිබේ.