Saturday, May 10, 2025
Home » ඇඹුල්ගම රාජමහා විහාරයේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති ආශීර්වාද මහ පෙරහරින්

ඇඹුල්ගම රාජමහා විහාරයේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති ආශීර්වාද මහ පෙරහරින්

by sachintha
December 4, 2023 1:01 am 0 comment

හංවැල්ල ඇඹුල්ගම රාජමහා විහාරස්ථානය මඟින් 57 වන වරටත් සංවිධානය කරන ලද ‘ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති ආශීර්වාද මහ පෙරහර’ අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. විහාරස්ථානයේ වර්තමාන විහාරාධිපති දංකන්දේ බෝධිවංශ නායක ස්වාමීන් වහන්සේගේ උපදෙස් සහ අනුශාසනා පරිදි, විහාරස්ථ පෙරහර කමිටුවේ සභාපති ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, මෙවර පෙරහර සිදු කෙරුණේ වසර තුනකට පසුවයි. බස්නායක නිලමේවරුන් අට දෙනකු සහ සෙසු නිලමේවරුන් තිස් දෙදෙ‍නකුගේ සහභාගිත්වයෙන් සහ බෙල්ලන්විල, කතරගම, කෝට්ටේ, කැලණිය, අත්තනගල්ල සහ රිදී විහාරයේ අලි ඇතුන් හතළිහකින් පමණ අලංකෘත විය. උඩරට, පහතරට, සබරගමු ආදි නර්තන කණ්ඩායම් 86ක් පමණ මෙවර පෙරහරට එක් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT