151
මේ මාසයේදී ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකරන බව එහි සභාපති මුදිත පීරිස් මහතා පවසයි.
ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ ගොස් ඇතත් දෙසැම්බර් මාසයේ උත්සව සමය පිළිබඳ සලකා බලා ගෑස් මිල ඉහළ නොදැමීමට තීරණය කළ බව ඒ මහතා සඳහන් කළේය.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 3,565ක් කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 1,431ක් සහ කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 668ක් වශයෙන් තවදුරටත් පවතින බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සුභාෂිණී සේනානායක