Saturday, May 10, 2025
Home » 10 ශ්‍රේණීයේදී සා/පෙළ ලියූ රියාෂිටත් A9ක්

10 ශ්‍රේණීයේදී සා/පෙළ ලියූ රියාෂිටත් A9ක්

by sachintha
December 4, 2023 1:00 am 0 comment

අපොස සාමාන්‍ය පෙළ විභාගයට10 ශ්‍රේණීයේ දී මුහුණ දී A සාමාර්ථ 9 ක් ලබා ගැනීමට හෙම්මාතගම ප්‍රදේශයේ දුෂ්කර පාසැලක් වන කෑ/මාව/මඩුල්බෝව මුස්ලිම් මහා විද්‍යාලයේ මොහොමඩ් රියාෂි සාරා නම් ශිෂ්‍යයාව සමත් වී තිබේ. එම පාසැලේ වසර 75ක ඉතිහාසය තුල විශිෂ්ඨ සම්මාන සහිතව දරුවකු ප්‍රතිඵල ලබා ගෙන ඇත්තේද මේ වසරේදීය. අනාගතයේදී වෛද්‍යවරියක් වීමේ අපේක්ෂාවෙන් අධ්‍යාපනය ලබන ඇයගේ මව එම පාසලේ ගුරුවරියක් ලෙස සේවය කරන අතර පියා ව්‍යාපාරිකයෙකි.

ඇය මෙම පාසලේ කුඩා කල සිට අධ්‍යාපනය ලබා ඇති අතර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 179ක් ලබා ගත් නමුත් වෙනත් පාසැලක් වෙත නොයවා තම දෙමාපියන් සහ තමාගේ කැමැත්තෙන් ගමේ පාසැලේ සිය දක්ෂතා පෙන්වීමට සමත් වෙමින් මනා හැකියාවන් මෙන්ම තරග ජයග්‍රහණ සිදු කරමින් විදුහල්පතිවරයාගේ සහ ගුරුවරුන්ගේ පැසසුමට ලක් වු දරුවෙකි. එමෙන්ම මෙම පාසැලේ තවත් දරුවන් දෙදෙනකු විශිෂ්ඨ සම්මාන 9ම ලබාගෙන විභාගය සමත් වී තිබේ.

පාසලේ විදුහල්පති අබ්දුල් වාසිට් සයිනුල් හුසෙන් මහතා අදහස් දක්වමින් මෙසේ පැවැසීය.

“මම හිතන්නේ මේ ඉතිහාසයේ ලංකාවේ කවුරුත් 10 ශ්‍රේණියෙදි විභාගය ලියලා විශිෂ්ඨ සම්මාන අරන් නැහැ. මෙවර A9ක් මේ වාගේ පුංචි පාසලක දරුවෙක් ලබා ගැනීම ලොකු සතුටක්. එමෙන්ම මේක මුළු රටටම ආදර්ශයක්.”

මාවනැල්ල විශේෂ – සමන් විජය බණ්ඩාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT