Saturday, May 10, 2025
Home » කැලණිය සරසවියේ ආරක්ෂක නිලධාරියාට පහර දීම

කැලණිය සරසවියේ ආරක්ෂක නිලධාරියාට පහර දීම

by sachintha
December 4, 2023 12:44 am 0 comment

සිසුන් පිරිසක් අත්අඩංගුවට ගන්න කිරිබත්ගොඩ පොලිසියෙන් විමර්ශන
කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියකුව පැහැරගෙන ගොස් විශ්වවිද්‍යාලයේ ශාරිරික සුවතා මධ්‍යස්ථානය තුල රඳවාගෙන පහරදීම සම්බන්ධව එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට කිරිබත්ගොඩ පොලිසිය විමර්ශනයක් ආරම්භකර තිබේ.
මෙසේ විශ්වවිද්‍යාල සිසුන්ගේ පැහැරගැනීමට හා පහරකෑමට ලක්ව ඇත්තේ පිලියන්දල පදිංචිකරුවෙක් වන 42 හැවිරිදි වියේ පසුවන ආරක්ෂක නිලධාරියෙකි.
මෙම ආරක්ෂක නිලධාරියා විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරීන්ගේ නේවාසිකාගාරය තුළ නිදාගෙන සිටියදී පැහැරගැනීමට ලක්ව ඇත්තේ පෙරේදා (02) අලුයම් කාලයේදීය. සිසුන් පිරිසක් ඔහු නවාතැන් ගෙන සිටි නේවාසිකාගාරයට පැමිණ අවදිකරවා යතුරුපැදියක නන්වාගෙන පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය කියයි. ශාරිරික සුවතා මධ්‍යස්ථානයේ දී ඔහුට පහර දී ඇත්තේ විශ්වවිද්‍යාල සිසුවකුගේ මවකට ලබාදුන්නේ යැයි කියන දුරකථන අංකයක් සම්බන්ධයෙන් ඇතිවුණු ගැටලුවක් මුල්කරගෙන බව විමර්ශනයේ දී අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාාරියෙක් පැවැසීය.
මෙම පහරදීමෙන් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා රෝහල්ගතව අති බවත් පහරදුන් පිරිස හඳුනාගෙන සිටින බවත් පොලිසිය කියයි.
මෙම පහරදීමට අදාළ වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද යොමුකරන බව ද පොලිසිය කියයි.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT