Home » හොර ස්ටිකර් ඇල්ලීමෙන් සුරාබදු මාසික ආදායම බිලියනයකින් නඟී

හොර ස්ටිකර් ඇල්ලීමෙන් සුරාබදු මාසික ආදායම බිලියනයකින් නඟී

by sachintha
December 4, 2023 12:49 am 0 comment

මෙරට මත්පැන් බෝතල්වල අලවන ව්‍යාජ ස්ටිකර් පරීක්ෂා කිරීමෙන් පසු සුරාබදු දෙපාර්තමේන්තුවේ මාසික ආදායම රුපියල් බිලියනයකින් වැඩි වී ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි. එම තොරතුරු සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට අනාවරණය කළ බව එහි උසස් නිලධාරියෙක් ‘දිනමිණ‘ට පැවැසීය.

එසේම RAMIS පද්ධතිය අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධ කිරීමේ ක්‍රියාවිලයේ අඩු-පාඩු මඟහරිමින් 2024 ජනවාරි මස වන විට මෙම දත්ත පද්ධතිය ක්‍රියාකාරී තත්ත්වයට පත් කරන බව ද එම නිලධාරියා සඳහන් කළ අතර දැනට ලක්ෂ 7ක් වන බදු ලිපිගොනු සංඛ්‍යාව ඉදිරියේ දී ලක්ෂ 10 දක්වා වැඩිකිරීමට බලාපොරොත්තු වන බවත් කියා සිටියේය.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT