Home » උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම නඩුව සමථයට නීතිපතිගෙන් ලැබුණු පිළිතුරු පරස්පර විරෝධීයි

උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම නඩුව සමථයට නීතිපතිගෙන් ලැබුණු පිළිතුරු පරස්පර විරෝධීයි

-අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

by sachintha
December 4, 2023 1:00 am 0 comment

උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩුව සමථයකට පත් කර ගැනීම පිළිබඳ සරල ප්‍රශ්න දෙකකට පිළිතුරු විමසා නීතිපතිවරයා වෙත යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලැබී ඇත්තේ පරස්පර විරෝධීව බව අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (02) පැවසීය.

අහලා යැවූ ප්‍රශ්නයයි එවා තිබෙන පිළිතුරයි දෙකම අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදය දිනයේදී සභාගත කරන බවත් නඩුව සමථයකට පත් කර ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් විමසන ලෙසට නීතිපතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයට ලිපියක් යොමු කර ඇති බවත් ඇමැතිවරයා පැවසුවේය.

සමඟි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. විශ්‍රාම ගත් නිලධාරීන් ස්වාධීන කොමිෂන් සභාවලට පත් කිරීමෙන් ඒවා අකාර්යක්ෂම වන බවත් සුද්දන්ගෙන් පුරුදු වූ චක්‍රලේඛ කරගහගෙන තිතටයි කොමාවටයි සීමා වී කටයුතු කිරීම ප්‍රායෝගික නොවන බවත් ඇමැතිවරයා අවධාරණය කළේය. විශ්‍රාම ගිය නිලධාරීන් ස්වාධීන කොමිෂන් සභාවට පත් කිරීමෙන් තමන්ගේ සේවා කාලය තුළ කළ නොහැකි වූ රාජකාරි ස්වාධීන කොමිෂන් සභාවට පත්වීමෙන් පසුව ඉටු කරයිද යන්න ගැටලුකාරී බව ද ඇමැතිවරයා පැවසීය.

ස්වාධීන කොමිෂන් සභාවට නිලධාරීන් පත් කිරීම සම්බන්ධයෙන් සංශෝධනයක් ගෙන එන ලෙසට අධිකරණ ඇමැතිවරයා වෙත යෝජනාවක් කරන බවත් විශ්‍රාම ගිය පුද්ගලයන් මේ ආයතනවලට නැවත පත් නොකරන ලෙසට ඉල්ලා සිටින බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. රාජ්‍ය සේවා කොමිෂන් සභාව සෝල්බරී ව්‍යවස්ථාවෙන් ආරම්භ වූ බවත් 1978න් පසුව ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවූ බවත් ඇමැතිවරයා කීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT