Sunday, May 11, 2025
Home » අධිකරණ පද්ධතිය ගැන ජනතා විශ්වාසය තහවුරු නොකර කුමක් කළත් පලක් නෑ

අධිකරණ පද්ධතිය ගැන ජනතා විශ්වාසය තහවුරු නොකර කුමක් කළත් පලක් නෑ

-මන්ත්‍රී සාරති දුෂ්මන්ත මිත්‍රපාල

by sachintha
December 4, 2023 1:00 am 0 comment

අධිකරණ පද්ධතිය සම්බන්ධ‍යෙන් ජනතා විශ්වාසය තහවුරු නොකර කවර ක්‍රියාමාර්ග ගත්ත ද ඵලක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සාරති දුෂ්මන්ත මිත්‍රපාල මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (02) ප්‍රකාශ කළේය. එබැවින් අධිකරණ ක්‍රියාවලියේදී ජනතා අභිලාෂයන් කෙරෙහි අවධානය යොමු විය යුතු බව ද හෙතෙම පැවසීය. ආර්ථික අර්බුදය හමුවේ ජනතාව තමන්ට සිදු වන අසාධාරණකම්වලට එරෙහිව අධිකරණයේ පිහිට පැතීම වැඩි වී ඇතැයි ද සාරති දුෂ්මන්ත මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ අය වැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුෂ්මන්ත මහතා මෙසේ ද පැවසීය. මේ වකවානුව ගත්තම ආර්ථික අර්බුදය නිසා සමාජයේ සියලු ක්ෂේත්‍ර කඩාවැටුණු අවස්ථාවක්. තමන්ට සිදුවන අසාධාරණයන් සම්බන්ධයෙන් ජනතාව වෙනදාට වඩා අධිකරණයේ පිහිට අපේක්ෂා කරන ආකාරයක් දක්නට ලැබෙනවා. අමාත්‍යාංශයේ කාර්යභාරය ගත්තම යුක්තිය පසිඳලීම මෙන්ම නව නීති සම්පාදනය පැවරෙනවා. අධිකරණ අමාත්‍යාංශය පිළිබඳ දන්න සියලු දෙනා දන්නවා මූලික පරමාර්ථ දෙක ඉටු කරගෙන යනකොට අනෙකුත් කාරණාවලට ඉඩක් නැහැ. අද පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා මෙම පීඩනය අවම කරවීම වෙනුවෙන් යම් වගකීමක් අධිකරණ ඇමැතිවරයාට පැවරෙනවා. ඔබතුමා මේ ආණ්ඩුවේ බලකණුවක් ලෙස සමාජයට පේනවා. ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් පසුගිය දිනවල තීන්දුවක් ලබා දුන්නා, මේ ආර්ථික අර්බුදයට වගකිවයුතු පිරිස් සම්බන්ධයෙන්. හිටපු ජනාධිපතිවරුන්, මහ බැංකු අධිපතිවරුන් ඇතුළු බොහෝ පිරිසක් සම්බන්ධයෙන් මෙහිදී කියැවුණා. ආර්ථික හානිය හරහා ජනතාව අන්ත අසරණ වුණා. බෙහෙත්, පෙට්‍රල්, ඩීසල් ටික පවා නැතිව ගියා. පාර්ලිමේන්තුව තුළ කමිටු ගණනාවක් තිබෙනවා.

දේශපාලන අස්ථාවරත්වය හරහා විශාල ජනතා විරෝධයක් තිබෙනවා. ඒ නිසා මම හිතනවා, මේ කටයුතුවලට නීතිමය තත්ත්වයක් ලබාදුන්නොත් ජනතාව අපේක්ෂා කරන තත්ත්වයන් යම් මට්ටමකට හෝ නිර්මාණය කළ හැකි වේවි කියලා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT