Home » අවිත්තාව නාලන්දා විදුහලේ කුශාන්ට

අවිත්තාව නාලන්දා විදුහලේ කුශාන්ට

by sachintha
December 4, 2023 1:00 am 0 comment

දකුණු පළාත් කෘෂි විද්‍යා දැනුම මිනුම තරඟයෙන් ප්‍රථම ස්ථානය ඇල්පිටිය අවිත්තාව නාලන්දා මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන එච්.ඒ. කුශාන් කාවින්ද සිසුවා දිනාගෙන තිබේ.

එම විද්‍යාලයේ කෘෂි හා ආහාර තාක්ෂණ විෂයභාර ගුරුවරයා වූ ජානක ප්‍රියන්ත මහතා සඳහන් කළේ මව්පිය රැකවරණයෙන් තොරව සිය මිත්තණියගේ රැකවරණය යටතේ ඉගෙනුම ලබන ඉතා දිළිඳු පවුලක දරුවකු වූ කුශාන් කාවින්දගේ මෙම ජයග්‍රහණය පිළිබඳව විදුහල්පතිනිය ඇතුළු ගුරු මණ්ඩලයම එම දරුවාට සුබ පතන බවයි. මෙම තරඟයේ දෙවන ස්ථානය මාර/දෙනියාය ජාතික පාසලේ කේ. කේ. එරන්ද සිසුවාත්, තෙවන ස්ථානය ගා/සවුත්ලන්ඩ් විද්‍යාලයේ කසුනි කාවින්ද්‍යා මුණසිංහ ශිෂ්‍යාවත් දිනා ගෙන තිබේ.

 

ඇල්පිටිය සමූහ – චන්ද්‍රසිරි ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT