Saturday, May 10, 2025
Home » උහන තිස්සපුර විද්‍යාලයට තැපැල් මුද්දරයක් හා එහි අනුරුවක්

උහන තිස්සපුර විද්‍යාලයට තැපැල් මුද්දරයක් හා එහි අනුරුවක්

by sachintha
December 4, 2023 1:00 am 0 comment

උතුරු වැව්ගම්පත්තු නාමය ශ්‍රී ලාංකික අත්පන්දු ඉතිහාසයේ රන් අකුරින් සනිටුහන් කරන්නට උරදුන් අම්පාර උහන තිස්සපුර විදුමාතාව වෙනුවෙන් සන්නිවේදනයේ ප්‍රමුඛයා වූ ශ්‍රී ලංකා තැපෑලේ නැගෙනහිර පළාත් නියෝජ්‍ය තැපැල්පතිතුමා සහ අම්පාර ප්‍රාදේශීය තැපැල් අධිකාරි කේ. පී. එස්. ප්‍රියන්ත මහතා ඇතුළු තැපැල් අධිකාරි කාර්යාලයේ කාර්ය මණ්ඩලය සංවිධානය කළ තැපැල් මුද්දරයක් නිර්මාණය කර එම මුද්දර අනුරුව අඩංගු උපහාර තිළිණ ප්‍රදානය හා විද්‍යාලයට අවශ්‍ය වොලිබෝල සහ නෙට් ප්‍රදානය කිරීම පසුගියදා අම්පාර උහන තිස්සපුර විද්‍යාලයේදී සිදු කෙරිණි.

නැගෙනහිර පළාත් නියෝජ්‍ය තැපැල්පති ගාමිනී විමලසූරිය මහතා වැඩිදුරටත් අදහස් දැක් වූයේය. ‘උහන තිස්සපුර නාමය මම දැනගත්තේ වොලිබෝල් ක්‍රිඩාව තුළින්. උහන තිස්සපුර කියන විද්‍යාලය ඉහළට ඔසවා තැබූ වොලිබෝල් ක්‍රීඩාව වෙනුවෙන් ඔබලා කරපු ඒ උදාර කැප කිරිමට ලැබු ජයහ්‍රහණය නැත්නම් උහන තිස්සපුර විද්‍යාලයක් ලංකාවේ ප්‍රචලිත වන්නේ නෑ. එහෙමනම් අපේ යුතුකමක් තිබෙනවා එහෙම කැපවීමක් කරපු එහෙම විශේෂ දක්ෂතාවයන් පෙන්වපු දරැවන් අගයන එක. දෙපාර්තමේන්තුවක් විදියට අපට ගොඩක් දේවල් කරන්න පුළුවන්. නමුත් අපිට කරන්න පුළුවන් එක දෙයක් තමයි ඔබලාගේ පාසලේ නාමය මත ශ්‍රී ලංකා රජයේ මුද්‍රාව තැබීම. අද මේ මුද්දරයක් විතරක් නෙමෙයි. මේ පාසල මත ශ්‍රි ලංකා රජයේ මුද්‍රාව තැබීම. ඔබලාට කීර්තිය අත්පත් කරදුන් ක්‍රීඩාව මැරෙන්න දෙන්න එපා.’

මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් නියෝජ්‍ය තැපැල්පති ගාමිනී විමලසුරිය මහතා අම්පාර ප්‍රාදේශිය තැපැල් අධිකාරි කේ. පී. එස්. ප්‍රියන්ත මහතා ප්‍රධාන ලිපිකරු රත්නතිලක ඇතුගල මහතා අනුරුද්ධ දසනායක මහතා විදුහල්පති ජී. ඊ. සරත් මහතා සහ ක්‍රීඩාභාර ගුරැතුමිය හා පුහුණුකරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

උහන සමූහ – කේ. ඒ. මෛත්‍රීපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT