Saturday, May 10, 2025
Home » උසස් පෙළ සිසුවා දංගොල්ල මහ වැවේ ගිලේ

උසස් පෙළ සිසුවා දංගොල්ල මහ වැවේ ගිලේ

by sachintha
December 4, 2023 1:00 am 0 comment

එකට නාන්න ආ යාළුවෝ ටික යතුරුපැදිවලින් පලා ගිහින්

 

මැටියගනේ දංගොල්ල මහවැවේ විනෝදයට දිය නාමින් සිටි තරුණයන් හය දෙනෙකුගෙන් එක් අයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි නාරම්මල පොලීසිය කියයි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ දඹදෙණිය, මාරාවිට ගලබඩ වත්ත පදිංචිව සිටි එම්. ඒ. විතූස චාමක මල්ලව ආරච්චි නමැති 18 හැවිරිදි තරුණයෙකි.

මිය ගිය තරුණයා නාරම්මල මයුරපාද ජාතික පාසලේ 13ශ්‍රේණියේ තොරතුරු තාක්ෂණ අංශයේ ඉගෙනුම ලබමින් සිට ඇති අතර ඔහු මිතුරන් 05 දෙනෙකු සමඟ මැටියගනේ දංගොල්ල මහ වැවේ දිය නෑමට ඊයේ ( 02 වැනිදා ) සවස පැමිණ මද වේලාවක් දිය නාමින් විනෝද වී ඇති අතර එහිදී ඔහු අනෙක් මිතුරන්ගේ ග්‍රහණයෙන් මිදී ගිලී ඇති බවට අනාවරණය වී ඇති බව පොලීසිය කියයි .

මෙම සිද්ධිය සැල වූ වහා එම ස්ථානය ට ගිය නාරම්මල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට දැක ගැනීමට ලැබී ඇත්තේ මෙම තරුණයා දියේ ගිලීමත් සමඟ ම ඔහු සමග පැමිණි මිතුරන් 04 දෙනෙකු යතුරුපැදිවල නැගී පලාගොස් ඇති බවය. ඉතිරිව සිටි තරුණයා ගේ කෑ ගැසීමට එහි පැමිණි අවට ගම්වාසීන්ගේ සහායයෙන් දියේ ගිලී සිටි තරුණයා ගොඩගෙන වහා දඹදෙණිය මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්ත ද රෝහලට රැගෙන යන විටත් එම තරුණයා මිය ගොස් සිට ඇති බව පොලීසිය කියයි.

අලව්ව ජයන්ත දිසානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT