පස්සර නගරයේ සිල්ලර තොග වෙළෙඳසලක් හදිසියේ ඇති වූ ගින්නකින් (1දා) රාත්‍රි විනාශ වී ගිය බව පස්සර පොලිසිය පවසයි. වෙළෙඳසල වසා දමා වෙළෙඳසල් හිමියා ගිය අතරතුරේ රාත්‍රියේ මෙසේ වෙළෙඳසලේ ගින්න හටගෙන ඇති බවත්, පස්සර පොලිසිය, ප්‍රාදේශීය සභාව, බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවිම් ඒකකය එක්වී ගිනිනිවිම් රථ යොදා ගනිමින් ගින්න අවට වෙළෙඳසල්වලට පැතිර යාමට ඉඩ නොදී නිවා දැමූ බව ද පොලිසිය සඳහන් කළේය.
විදුලි කාන්දුවක් ගින්නට හේතුවන්නට ඇතැයි පොලිසිය සැක කරන අතර ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නැතැයි පොලිසිය පැවසීය. ඌව පළාත්භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් හේසිරි බදුල්ල, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත, පොලිස් අධිකාරි බුද්දික ගුණසේකර, සහකාර පොලිස් අධිකාරි දිලිප් ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත පස්සර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පියරත්න ඒකනායක මහතා ඇතුළු නිලධාරීහූ වැඩිදුර පරීක්ෂණ පවත්වති.
සොරණාතොට සමූහ සී. ගමගේ බදුල්ල – නිශාන්ත අබේගුණවර්ධන