චමරි අතපත්තුට රුපියල් කෝටි 1.8ක ලංසුවක්
තරග විකාශන අයිතිවාසිකම් ඩොලර් බිලියන 50ට ළං වෙයි
ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේදී ඇන්ජලෝ මැතිව්ස් ඉන්දීය රුපියල් කෝටි දෙකක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 8ක) මූලික ලංසුවකට නම් කර ඇති අතර, වනිඳු හසරංගට ඉන්දීය රුපියල් කෝටි එකහමාරක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 6ක) මූලික වටිනාකමක් ලබාදී ඇත. මැතිව්ස් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉහළම ශ්‍රේණිය යටතේ නම් කර ඇති අතර, වනිඳු නම් වී ඇත්තේ මූලික ලංසුව ඇති දෙවැනි කාණ්ඩයටය.
ඇන්ජලෝ මැතිව්ස් මෙයට පෙර ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් හා දිල්ලි ඩෙයාඩෙවල්ස් යන කණ්ඩායම්වලට ක්‍රීඩා කළ අතර, වනිඳු හසරංග රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට ක්‍රීඩා කළේය. ඒ වන විට ලොව අංක එකේ විස්සයි20 පන්දු යවන්නා ලෙස ශ්‍රේණිගතවී සිටි වනිඳු හසරංග ඉන්දීය රුපියල් ලක්ෂ 1075කට (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 4කට) මිල දී ගෙන තිබිණි.
මෙවර ක්‍රීඩක වෙන්දේසියට ක්‍රීඩකයන් 1,166ක් ලියාපදිංචි වී සිටින අතර, 830ක් ඉන්දීය ක්‍රීඩකයන් වන අතර 336ක් විදේශීය ක්‍රීඩකයන් වේ. වෙන්දේසියේ දී උපරිම වශයෙන් ක්‍රීඩකයන් 77ක් මිල දී ගැනීමට නියමිතව ඇත.
මේ අතර ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඉන්දීය රුපියල් ලක්ෂ 30ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1.8ක්) මූලික වෙන්දේසි ලැයිස්තුවකට ඇතුළත් කොට ඇත. චමරි මෙයට පෙර පැවති ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලියට ඇතුළත් නොවූ ක්‍රීඩිකාවකි. ශ්‍රී ලංකා ක්‍රීඩිකා ඉනෝකා රණවීර ද රුපියල් ලක්ෂ 30 කාණ්ඩයෙන් මේ ලැයිස්තුවට එක්ව සිටී. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකා ඩෙන්ඩ්‍රා ඩොටින් සහ ඔස්ට්‍රේලියාවේ කිම් ගාර්ත් ඉන්දීය රුපියල් ලක්ෂ 50ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 2ක) ඉහළම මූලික මිලකට නියම වූ විදේශීය ක්‍රීඩිකාවන් දෙදෙනා වේ.
එළැඹෙන ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලීග් 2024 වාරය සඳහා වන වෙන්දේසිය දෙසැම්බර් 9 වන දින මුම්බායිහිදී පැවැත්වෙන අතර, ඒ සඳහා ක්‍රීඩිකාවන් 165ක් ලියාපදිංචි වී ඇති බව ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. වෙන්දේසි ලැයිස්තුවට ඉන්දීය ක්‍රීඩිකාවන් 104ක් සහ විදේශීය ක්‍රීඩිකාවන් 61ක් ඇතුළත් වෙති.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මාධ්‍ය විකාශන අයිතිවාසිකම්වල වටිනාකම ඩොලර් බිලියන 50 දක්වා ළඟා විය හැකි බව පැවසේ. දැනට අයිපීඑල් වසර පහක මාධ්‍ය අයිතිය සඳහා වැය වන මුදල ඉන්දීය රුපියල් කෝටි 48,000ක් පමණ වේ. එබැවින් අයිපීඑල් යනු ජාතික පාපන්දු ලීගයට (NFL) පසුව දෙවැනි වටිනාම මාධ්‍ය විකාශන අයිතිය හිමි තරගාවලිය වේ. ජාතික පාපන්දු ලීගය පසුගිය වසරේ ඩොලර් බිලියන 110ක් වටිනා ගිවිසුමක් වසර 11කට අත්සන් කළේය.