Saturday, May 10, 2025
Home » කැලණිය සරසවියේ 04කට පන්ති තහනමක්

කැලණිය සරසවියේ 04කට පන්ති තහනමක්

by chanaka
December 5, 2023 1:22 pm 0 comment

ආරක්ෂක නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් සිව්දෙනෙකුගේ පන්ති තහනම් කළ බව කැලණිය විශ්වවිද්‍යාලය සඳහන් කරයි.

මේ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ වෛද්‍ය පීඨය හැර කැලණිය විශ්වවිද්‍යාලය ඊයේ (04) පස්වරු 2 සිට නැවත දැනුම්දෙනතුරු වසා දමන බවයි.

ඒ අනුව අදාළ නිවේදනයෙන් සියලුම සිසුන් වෙත දැනුම්දෙනු ලබන්නේ අද (05) උදෑසන 8ට පෙර සියලුම නේවාසික සිසුන් සිය නේවාසිකාගාරවලින් ඉවත්විය යුතු බවයි.

එසේම නැවත දැනුම්දෙනතුරු කැලණිය විශ්වවිද්‍යාලයේ දළුගම පරිශ්‍රය ඇතුළු විශ්වවිද්‍යාලයට අයත් පරිශ්‍රයන් වෙත සහ විශ්වවිද්‍යාලයට අයත් සියලුම අභ්‍යන්තර සහ භාහිර නේවාසිකාගාර ශිෂ්‍යශිෂ්‍යාවන්ට තහනම් කර තිබේ.

ආරක්ෂක අංශ නිලධාරියෙකුට පහර දීමක් හේතුවෙන් එම තීරණය ගෙන තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT