Saturday, May 10, 2025
Home » ක්‍රිකට් නඩුව දෙසැම්බර් 13 වනදා තෙක් කල් යයි

ක්‍රිකට් නඩුව දෙසැම්බර් 13 වනදා තෙක් කල් යයි

by yasara
December 5, 2023 1:22 pm 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත්කිරීමට එරෙහිව ගොනුකළ පෙත්සම් දෙසැම්බර් මස 13 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (05) නියෝග කර තිබෙයි.

මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේ නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් තම සේවාදායකයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා කල් අවශ්‍ය බව දන්වා තිබෙයි.

ඒ අනුව නඩුව දෙසැම්බර් මස 13 වනදා දක්වා කල් තබා ඇති අතර එදින තෙක් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළව ඉදිරි ක්‍රියාමාර්ග කිසිවක් නොගන්නා බවද ක්‍රීඩා අමාත්‍යවරයා අධිකරණයට දැනුම්දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT