Saturday, May 10, 2025
Home » ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ ගොඩබිම් ප්‍රහාර පුළුල් කරයි

ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ ගොඩබිම් ප්‍රහාර පුළුල් කරයි

-පලස්තීන ජාතිකයන් 60ක් අත්අඩංගුවට

by sachintha
December 5, 2023 1:01 am 0 comment

නිදහස් කළ සිරකරුවනුත් ඒ අතර

ඊශ්‍රායල – හමාස් සටන් විරාමය අවසන් වීමෙන් පසු ගාසා තීරයේ ගොඩබිම් ප්‍රහාර පුළුල් කළ බව ඊශ්‍රායල හමුදාව නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බටහිර ඉවුරේ ඊශ්‍රායල හමුදාව විසින් අත්පත් කරගත් පළාත්වලින් පලස්තීන ජාතිකයන් 60 දෙනකු පෙරේදා අත්අඩංගුවට ගෙන ඇති අතර, සටන් විරාමය අතරතුර නිදහස් කළ සිරකරුවන් ද ඒ අතර සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. පලස්තීන සිරකරුවන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එසේ අත්අඩංගුවට ගත් පලස්තීන ජාතිකයන්ගෙන් පිරිසක් බෙත්ලෙහෙම් නුවර සරණාගත කඳවුරකට බාර දී ඇති බව ය. තවත් පිරිසක් පසුව නිදහස් කර ඇතැයි ද වාර්තා වේ.

පසුගිය සෙනසුරාදා සිට ඉරිදා දක්වා ගත වූ පැය 24ක කාලසීමාව තුළ ගාසා තීරයේ ප්‍රහාරවලින් මිය ගිය පිරිස 800 ඉක්මවන බව පලස්තීන බලධාරීන් ප්‍රකාශ කර ඇති අතර, තම හමුදාව සිවිල් වැසියන්ගේ ජීවිත හානි වළක්වා ගැනීමට උපරිම උත්සාහයක යෙදෙන බව ඊශ්‍රායල අගමැති කාර්යාලයේ ප්‍රකාශකයකු විදෙස් වාර්තාකරුවන්ට ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. මේ වන විට ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සියලුම පළාත් ආක්‍රමණය කර ඇති අතර, හමාස් සංවිධානයේ සාමාජිකයන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT