පරිසරය සහ ආර්ථිකය අතර සමතුලිතභාවයක් ඇති කිරීමෙන් විශාල සංවර්ධනයක් කරා යෑමට ඉන්දියාව සමත් වීමත්, දේශගුණික විපර්යාසවලට එරෙහිව ඉන්දියාවේ කැපවීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයේ දැක්මත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවරදී පසුගියදා ආරම්භ වූ ‘COP 28‘ ජාතීන්ගේ ලෝක දේශගුණික විපර්යාස සමුළුවේදී සාකච්ඡාවට ලක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පුනර්ජනනීය බලශක්තිය සහ කාබන් අවම කිරීමට ඉන්දීය රජය ගත් දැඩි පියවර එම සමුළුවේදී පැසසුමට ලක් වී ඇතැයි ද වාර්තා වේ.
ගෝලීය දේශගුණික විපර්යාසවලට එරෙහිව ඉන්දියාව විසින් සිදු කරනු ලබන දැවැන්ත ක්‍රියාවලිය තුළින් ලෝකයට ආදර්ශයක් සපයා ඇතැයි සමුළුව අමතමින් ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කර ඇති අතර, සමස්ත ලෝක ජනගහණයෙන් ඉන්දියාව නියෝජනය කරනු ලබන්නේ 17% ක් වුවද, එරට කාබන් විමෝචනය 4%කට වඩා අඩු මට්ටමක පවතින බව ද නරේන්ද්‍ර මෝදි සඳහන් කර තිබේ.
වසර 2070දී කාබන් ශූන්‍ය රටක් බවට පත් වීමේ ඉලක්කගත වැඩසටහන්මාලාවක් ආරම්භ කර ඇති ඉන්දියාව ලබන වසරේ ‘COP 28‘ සත්කාරත්වය අපේක්ෂාවෙන් පසුවන බව ද වාර්තා වේ.