Home » මියන්මාරයේ හමුදා රජයට එරෙහි සටන් දරුණු අතට කැරැලිකරුවෝ නගර රැසක් අත්පත් කරගනිති

මියන්මාරයේ හමුදා රජයට එරෙහි සටන් දරුණු අතට කැරැලිකරුවෝ නගර රැසක් අත්පත් කරගනිති

by sachintha
December 5, 2023 1:00 am 0 comment

මියන්මාරයේ හමුදා රජය සහ කැරැලිකාර කණ්ඩායම අතර සටන් දරුණු අතට හැරී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 2021 දී මියන්මාරයේ නායිකාව අවුන් සාන් සුකී අත්අඩංගුවට ගනිමින් බලය අත්කර ගත් එරට හමුදා පාලනයට එරෙහිව යුද වැදී සිටින එරට මහජන ආරක්ෂක හමුදාව නමැති කැරැලිකාර කණ්ඩායම මේ වන විට නගර රැසක බලය අත්කර ගෙන සිටින බව ද වාර්තා වේ.

කැරලිකාර කණ්ඩායම මීට පෙර මියන්මාර – චීන දේශසීමාවේ පිහිටි චින්ස්වේහෝ නගරය ද අත්පත් කරගත් අතර, හමුදා රජය පෙරළා දමනතුරු සටන අත්නොහරින බවට ප්‍රකාශයක් නිකුත් කර තිබේ. චීන රජයේ විශාලතම හවුල්කරුවකු වන මියන්මාරයේ ක්‍රියාත්මක කර ඇති චීන අයෝජන ව්‍යාපෘති රැසක් චින්ස්වේහෝ නගරයේ පිහිටා ඇති අතර, කැරැලිකරුවන් එම නගරය අත්පත් කරගැනීම හේතුවෙන් චීන ආයෝජන ව්‍යාපෘති රැසකට බාධා සිදු වී ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT