Home » චීන ප්‍රහාරක ගුවන් යානා 9ක් තායිවාන අහසේ හමුදා අභ්‍යාසයක් බව චීනය කියයි

චීන ප්‍රහාරක ගුවන් යානා 9ක් තායිවාන අහසේ හමුදා අභ්‍යාසයක් බව චීනය කියයි

by sachintha
December 5, 2023 1:00 am 0 comment

තායිවාන ගුවන් සීමාවේ චීන හමුදා ක්‍රියාකාරකම් යළි ආරම්භ කර ඇතැයි තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය චෝදනා කර තිබේ. චීනයට අයත් ප්‍රහාරක ගුවන් යානා 9ක් පසුගිය ඉරිදා තායිවාන ගුවන් සීමාව ආක්‍රමණ කළ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් චෝදනා කර ඇතැයි වාර්තා වේ. එහෙත් එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් චීනය ප්‍රකාශ කර ඇත්තේ සිය හමුදාව අභ්‍යාසමාලාවක් සහ මුර සංචාරයක නිරත වූ බවය.

තායිවාන ගුවන් සීමාවට ඇතුළු වූ බව කියන චීන ගුවන් යානා අතර ප්‍රහාරය යානා සහ පූර්ව අනතුරු ඇඟවීම් සහ විද්‍යුත් යුද ගුවන් යානා ද තිබූ බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

ආසියානු පැසිෆික් ආර්ථික සහයෝගිතා සමුළුවට සහභාගි වීමට පසුගියදා අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර සංචාරයක නිරත වූ චීන ජනාධිපති ෂී ජින්පින් එහිදී අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් මුණ ගැසීමෙන් පසු තායිවාන ගුවන් සීමාවේ චීන හමුදා ක්‍රියාකාරකම් අවම වූ බවත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT