ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධී ලෙස වීසා නැතිව දිගු කලක් රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 35 දෙනෙකු ඊයේ (04) උදෑසන එරටින් පිටුවහල් කර කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබුණි.
මොවුන් මෙසේ කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් වන අතර එක් පිරිමි ගෘහ සේවකයකු සහ ගෘහ සේවිකාවන් 34ක් මේ පිරිසට අයත්ව සිටියහ. කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ එකඟතා ඇති කර ගනිමින් මේ ශ්‍රී ලාංකික ගෘහ සේවයේ නිරත පිරිස මෙසේ යළි ශ්‍රී ලංකාවට එවීමට පියවර ගෙන තිබුණි. එහිදී මේ සේවකයන්ට එරෙහිව පැවති නඩු සමථයකට පත් කර තාවකාලික ගමන් බලපත්‍ර සකස් කර ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා දී සහ හිඟ වැටුප් මෙන්ම අනෙකුත් ඔවුන්ට හිමි විය යුතු ප්රතිලාභ ද ලබා ගැනීමට අවස්ථාව ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හිමි කර දී තිබුණි.
කටුනායක ටී.කේ. ජී. කපිල