Home » යාපනය රෝහලේ දී නිවුන් දරුවන් බිහි කළ තරුණ මවක හදිසියේ මියයෑම ගැන පරීක්ෂණයක්

යාපනය රෝහලේ දී නිවුන් දරුවන් බිහි කළ තරුණ මවක හදිසියේ මියයෑම ගැන පරීක්ෂණයක්

by sachintha
December 5, 2023 1:00 am 0 comment

යාපනය ශික්ෂණ රෝහලේදී නිවුන් දරුවන් දෙදෙනකු බිහි කළ මවක් හදිසියේ මියයෑම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් 3දා ආරම්භ කර තිබේ. යාපනයේ වැල්වෙට්ටිතුරෙයි පදිංචි එම්. විදුෂා නමැති මේ කාන්තාව දෙවැනි දරු ප්‍රසූතියේදී නිවුන් දියණියන් දෙදෙනකු බිහි කර ඇති අතර දරුවන් බිහි කිරීම සිසේරියන් සැත්කමක් මඟින් සිදු කර තිබේ.

සැත්කමින් පසුව මව හා දරුවන් දෙදෙනා මනා සෞඛ්‍ය තත්ත්වයකින් පසු වී ඇති අතර දින හතරකට පසු මව උණ රෝගයෙන් පෙළී එය සරම්ප රෝගී තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබේ. ඇය යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය අතර ඇගේ ස්වාමියා ඇතුළු පවුලේ සාමාජිකයන් මේ මරණය සැක සහිත බවට ලිඛිතව කළ ඉල්ලීමකට අනුව පරීක්ෂණ ආරම්භ කර තිබේ. මේ සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ ඥාතීන් විසින් යාපනය පේදුරුතුඩුව අධිකරණයේ නඩුවක්ද ගොනු කර තිබේ.

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT