දුවගේ නිරුවත් රූප ගත් පියා බිරියගෙන් මැරුම් කයි
තමන් විසින් සකස් කර ගත් යූටියුබ් නාළිකාව ජනප්‍රිය කරවා ගෙන මුදල් සොයා ගැනීමේ අරමුණෙන් අන්තර්ජාලයට දැමීම සඳහා තම 14 හැවිරිදි එකම දියණියගේ නිරුවත් ඡායාරූප බලහත්කාරයෙන් ගැනීමට උත්සාහ දැරූ පුද්ගලයකු බිරිය විසින් කපා කොටා ඝාතනය කිරීමේ පුවතක් වැල්ලව පොලිසියෙන් වාර්තා වේ. කුරුණෑගල ශික්ෂණ රෝහලේ සහායක උපස්ථායකයකු ලෙස සේවය කළ වැල්ලව තල්විට බලගහගෙදර පදිංචිව සිටි පී.වී. සුරංග ප්‍රදීප් කුමාර නමැති 37 හැවිරිදි පුද්ගලයකු මෙසේ ඝාතනයට ලක්ව ඇත. පෙරේදා (3) රාත්‍රියේ නිෙවස තුළදීම මෙම ඝාතනය සිදුව ඇති බව ද පොලිසිය පවසයි. ඔහු කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු හා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සේවය කළ අයෙකි. ඔහු දියණියකගේ සහ අවුරුදු 8ක පුතෙකුගේ පියෙකි.
සැමියා නිවසේ නාන කාමරය තුළ සිටිය දී බිරිය ඔහුට මිරිස් කුඩු ගසා ඇති බව ද මිරිස් කුඩු ප්‍රහාරයට ගොදුරුවූ සැමියා ඉන් එළියට පැමිණීමේ දී බිරිය ඔහුව කපා කොටා ඝාතනය කර ඇති බව ද වාර්තා වේ. එම පහරදීම හේතුවෙන් ඔහු නිෙවසේ සාලය තුළදීම මරණයට පත්ව ඇති බව ද පොලිසිය සඳහන් කළේය.
මරණයට පත් පුද්ගලයා මෑතක දී යූටියුබ් නාළිකාවක් ආරම්භ කර ඇති බව ද එය ජනප්‍රිය කරවීමේ අරමුණින් නිරුවත් කාන්තා ජායාරූප එක් කරමින් සිටි අයකු බව ද පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබේ. ඒ සඳහා ඔහු අවස්ථා කීපයදීම තම එකම දියණියගේ ද නිරුවත් ඡායාරූප ගැනීම සඳහා උත්සාහ දරා ඇතත් දියණියගේ සහ බිරිඳගේ දැඩි විරෝධය මත එම කාර්යය ඉටුකර ගැනීමට ඔහුට හැකියාවක් ලැබී නැත.
මේ හේතුවෙන් මියගිය පුද්ගලයා තම බිරිය සමඟ නිරතුරුවම ආරවුල් ඇති කරගෙන බිරිඳට පහරදීම් පවා සිදු කර ඇති බව ද අනාවරණය වී තිබේ. පෙරේදා රාත්‍රියේ ඔහු බිරිය සහ පුතා නිෙවසින් එළියට දමා දොර වසා දියණිය නිෙවස තුළ තනිකරගෙන ඇගේ නිරුවත් ජායාරූප ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ දී බිරිය නිවසට ඇතුළුවී කඩුවකින් පහර දී සැමියා ඝාතනය කර දියණිය බේරාගෙන ඇති බව ද කියයි.
සැමියා මෙල්ල කිරීම සඳහා ඇය ප්‍රථමයෙන් ඔහුගේ මුහුණට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර ඇති බව ද කියයි. මිරිස් කුඩු ප්‍රහාරයෙන් අඩපණවූ සැමියාගේ හිසට ගෙලට සහ සිරුරේ තවත් ස්ථාන කීපයකටම ඇය එල්ල කරන ලද මාරාන්තික කඩු පහර කීපයකින් ඔහු එම ස්ථානයේදීම මරණයට පත්ව ඇත. ඝාතනය සඳහා යොදාගත් කඩුව ඇයගේ මවගේ නිවසේ සිට රැගෙන ආ එකක් බව ද අනාවරණය වී තිබේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මියගිය පුද්ගලයාගේ බිරිය වැල්ලව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඇය වෘත්තියෙන් ඇඟලුම් කම්හල් සේවිකාවකි. කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කිරීමට නියමිතව තිබුණි. වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් අනුව කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් වැල්ලව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් කුමාර මහතා වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
කුරුණෑගල අතිරේක – පුෂ්පකුමාර ජයරත්න,
සුනිල් එස්. පැල්ලන්දෙණිය – කුරුණෑගල