පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේදී හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සිසු සිසුවියන් විදේශ භාෂා සමත් ප්‍රතිඵලය රටටම ආදර්ශයක් බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මෙරටේ ගම්බද පාසල් දරුවන්ට ඕනෑම විදේශ භාෂාවක් ඉගෙනීමට උපන් හපන්කම් පවතින බව පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේ විදේශ භාෂා ප්‍රතිඵලය මඟින් එම දරුවන් රට හමුවේ ඔප්පු කර ඇතැයි ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
එහිදී ඉංග්‍රීසි විෂයයට සිසුන් 769ක් ඉදිරිපත්ව ඔවුන්ගෙන් 768 දෙනෙකු එම විෂයයෙන් සමත්ව සිසුන් 452 දෙනෙකු ඉංග්‍රීසි විෂයයට ඒ සාමර්ථ්‍යය ලබා ගෙන තිබෙන බව ද ඇමැතිවරයා පැවසීය.
එමෙන්ම සිසුන් 20 දෙෙනකු ප්‍රංශ භාෂාව විෂයයට ඉදිරිපත්ව ඔවුන් සියල්ලම එම විෂයෙන් සමත්ව එයින් සිසුන් 11 දෙනකු ඒ සාමර්ථය ලබා ගෙන ඇතැයි ද ඇමැතිවරයා කියා සිටියේය.
එහිදී සිසුන් 23 දෙෙනකු ජපන් භාෂා විෂයට ඉදිරිපත්ව සියල්ලම ඉන් සමත්ව ඒ අතරින් සිසුන් 13 දෙෙනකු ඒ සාමර්ථ්‍යය ලබා ගෙන ඇතැයි ද ඇමැතිවරයා එහිදී තවදුරටත් සඳහන් කළේය.
ඊට අමතරව කොරියානු භාෂා විෂයයට සිසුන් 60 දෙෙනකු ඉදිරිපත්ව ඉන් 58 දෙෙනකු සමත්ව ඔවුන් අතරින් සිසුන් 20 දෙෙනකු ඒ සාමර්ථ්‍යය ලබා ගෙනඇතැයි ද ඇමැතිවරයා කියා සිටියේය.
එමෙන්ම සිසුන් දෙදෙනකු හින්දි භාෂා විෂයයට ඉදිරිපත්ව එම සිසුන් දෙදෙනාම හින්දි විෂයය සඳහා ඒ සාමර්ථ්‍යය ලබා ගෙන තිබෙන බව ද ඇමැතිවරයා පැවසීය.
දරුවන්ගේ සාර්ථකත්වය උදෙසා ගුරුවරුන්ගේ කැපවීමද ඉහළින්ම බලපා තිබෙන බව ද ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (04) පෙරවරුවේ හෝමාගම, ගොඩගම, සුභාරති මහාමාත්‍ය මහා විද්‍යාලයේ එළිමහන් රංග පීඨය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.