Home » මැතිවරණ කොමිසමේ පුරප්පාඩු පිරවීම රජය ඕනෑකමින් කල් දානවා

මැතිවරණ කොමිසමේ පුරප්පාඩු පිරවීම රජය ඕනෑකමින් කල් දානවා

by sachintha
December 5, 2023 1:00 am 0 comment

ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ පුරප්පාඩුව හැකි ඉක්මනින් සම්පූර්ණ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය. නිදහස් ජනතා සභාව ඊයේ (04) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. ස්වාධීන කොමිෂන් සභා, වර්තමානයේ දී නාමමාත්‍රික කොමිෂන් සභා බවට පත්ව ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ පුරප්පාඩුව සම්පූර්ණ කිරීම රජය විසින් ඕනෑකමින් කල් දමන බවත් ඒ මහතා කියා සිටියේය.
අසම්පූර්ණ මැතිවරණ කොමිෂන් සභාව සාධකයක් කරගෙන ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණ කල් දැමීමට යනවද? යන්න සාධාරණ සැකයක් මතුවන බව හෙතෙම ප්‍රකාශ කළේය.
වර්තමාන කැබිනට් මණ්ඩලය දැන් නාමමාත්‍රික වෙමින් පවතින බව පැවසූ ජී.එල්. පීරිස් මහතා විශාල සමාජ විරෝධයකට ලක් වූ විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන නියාමන කොමිෂන් සභා කෙටුම්පත යළි කරළියට පැමිණ ඇති බව පැවැසීය.
මාධ්‍යවේදීන් බිය ගැන්වීමට රජය විසින් නොයෙකුත් අණ පනත් ගෙන එන බවත්, එමඟින් ප්‍රජාතන්ත්‍රවාදය අඩිතාලම දෙදරීමට ලක්ව ඇති බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.
නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT