Sunday, May 11, 2025
Home » රට විරුවන්ගෙන් කෝටි 159,950ක විදේශ විනිමය ගලයි

රට විරුවන්ගෙන් කෝටි 159,950ක විදේශ විනිමය ගලයි

by sachintha
December 5, 2023 12:43 am 0 comment

මෑත කාලයේ දැඩි පසුබෑමට ලක්වූ මෙරට මූල්‍ය අංශයට දැවැන්ත ශක්තියක් එක් කරමින් මේ වසරේ ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ රුපියල් කෝටි 159,950ක (අමෙරිකානු ඩොලර් මිලියන 4,862) විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

පසුගිය 2022 වසරේ එම කාලයේ දී විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 2,929ක ප්‍රමාණයක් මෙරටට ලැබී තිබෙන බව ද ඊට සාපේක්ෂව මේ වසරේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම්වල විශාල වර්ධනයක් පෙන්වන බව ද එම බැංකුව පෙන්වා දෙයි.

පසුගිය ඔක්තෝබර් මාසය සැලකිල්ලට ගත් විට පසුගිය 2022 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 355ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී තිබෙන අතර, ඊට සාපේක්ෂව මේ වසරේ ඔක්තෝබර් මාසයේ දී පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 517ක ප්‍රේෂණ ලැබී තිබෙන බව ද ඒ අනුව මේ වසරේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මේ වසරේ සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 482ට සහ පසුගිය 2022 වසරේ ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 355ට සාපේක්ෂව මේ වසරේ ඔක්තෝබර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 517ක් වාර්තා කර තිබේ.

මේ අතර තාවකාලික දත්ත මත පදනම්ව 2022 වසරේ දී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය මුළු සංඛ්‍යාව 311,056ට සාපේක්ෂව මේ වසරේ ඔක්තෝබර් මාසයේ සහ 2023 වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් දක්වා කාල පරිච්ඡේදය තුළ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය මුළු පිටවීම් පිළිවෙළින් 25,330ක් සහ 249,429ක් වූ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT