Home » රාජ්‍ය සේවාවන්ට අදාළ ආකෘති පත්‍ර පිරවීම දැන් නිවසේ සිටම

රාජ්‍ය සේවාවන්ට අදාළ ආකෘති පත්‍ර පිරවීම දැන් නිවසේ සිටම

by chanaka
December 5, 2023 3:36 pm 0 comment

ජනතාව විසින් රාජ්‍ය ආයතන වෙත ගොස්ආකෘති පත්‍ර හෝපෝරම(Forms) සම්පූර්ණ කර ලබා ගත යුතු සේවාවන් මාර්ගගත ක්‍රමයට සිදුකර ගත හැකි ඩිජිටල් විසඳුමක්, “ඩිජිටල් රාජ්‍ය පෝරම” (Digital GovernmentForms)නමින් හඳුන්වා දී තිබේ.

පරිගණක, ජංගම දුරකථන, ටැබ් ආදී උපාංගයක් ඔස්සේ, ඕනෑම තැනක සිට ප්‍රවේශ වෙමින් ජනතාවට මෙම සේවාව ලබා ගත හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA) පවසයි.

මෙම ඩිජිටල් රාජ්‍ය පෝරම විසඳුම නියමු ව්‍යාපෘතියක් වශයෙන් රාජ්‍ය ආයතන නවයක් කේන්ද්‍ර කර ගනිමින් 2022 වසරේදී සාර්ථකව දියත් කරන ලදී.

සාම්ප්‍රදායිකලෙසරජයේ කාර්යාල වෙත පැමිණ ආකෘති පත්‍ර ලබා ගැනීම, ඒවා පුරවා ආපසු භාර දීම ආදියමෙමඟින් මුළුමනින් ම පාහේ නතර වීම ජනතාවටත්, රාජ්‍ය අංශයටත් වාසි රැසක් අත් කර දෙයි.‍

ජනතාවට කාර්යාල වෙත නොපැමිණ නිවසේ සිටම සේවාවන් ලබා ගැනීමට හැකි වීම නිසා කාලය මෙන් ම මුදල් ද ඉතිරිවේ. පුරවැසි කේන්ද්‍රීය සේවාවක් ලෙස රාජ්‍ය අංශයේ සේවාවන් ඉතා කාර්යක්ෂම හා ඵලදායී ආකාරයෙන් ජනතාවට ලබා දීමට මෙමඟින් හැකියාව ලැබේ. පුරවැසි දත්තවල සුරක්ෂිත බව තහවුරු වීම, පෞද්ගලික දත්ත නිරාවරණය නොවීම මෙන් මසේවා සැපයීමේදී දත්ත වෙත කඩිනමින් යොමුවීමේ පහසුව ද මේ ඔස්සේ හිමි වේ.

කඩදාසි භාවිතයෙන් තොරවීම නිසා පරිසර හිතකාමී රාජ්‍ය සේවාවකට ද මඟ පෑදෙන අතර කඩදාසි ලේඛන කළමනාකරණ, නඩත්තු කිරීමේ, ආරක්ෂා කිරීමේ සහ ගබඩා බරින් ද රාජ්‍ය සේවා නිදහස් වේ.පුරවැසියන්ගේ අවශ්‍ය තොරතුරු ඍජු ලෙස ඔවුන් වෙතින් ම ලබා ගත හැකි වීම මඟින් එහි විශ්වසනීයත්වය තහවුරු වීම ද මෙයින් ඇති වාසියකි.

තවද 2025 වසර අවසන් වන විට පුරවැසියන්ගෙන් අවම වශයෙන් 25%ක් රාජ්‍ය සේවා සඳහාඅන්තර්ජාලය හරහාආකෘති පත්‍ර ඉදිරිපත් කරනු ඇතැයිද එම පුරවැසියන්ගෙන් 75%ක් පමණ මෙම ඩිජිටල් විසඳුම පිළිබඳව තෘප්තිමත් වනු ඇතැයිද අපේක්ෂා කෙරේ.

පුරවැසි සේවාවන් කාර්යක්ෂමව සහ ඵලදායීව ලබා දීම වඩාත් අ‍ර්ථවත් කිරීමේ අරමුණෙන්, ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මෙරට රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීමේ සුවිශේෂ සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි බව ICTA වැඩිදුරටත් සඳහන් කරයි.

ඩිජිටල් රාජ්‍ය පෝරම විසඳුම පිළිබඳ වැඩි විස්තර forms.gov.lk වෙත පිවිසීමෙන් දැනගත හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT