208
‘බදු බර, බඩු මිල වැඩිකරන ජන පීඩක ආණ්ඩුව පන්නමු’ මැයෙන් ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය පාර්ලිමේන්තු වටරවුම අසලදී පැවැත්වූ විරෝධතාවට පොලිසිය ඊයේ (04) පෙරවරුවේ ජල ප්‍රහාරයක් එල්ල කළේය.
පාර්ලිමේන්තු පිවිසුම දෙසට පැමිණීමට උද්ඝෝෂකයන් උත්සාහ දැරීමත් සමඟ පොලිසිය ජල ප්‍රහාර එල්ල කරමින් උද්ඝෝෂකයන් මැඬපැවත්වීමට පියවර ගනු ලැබීය.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු කාන්තාවන් පිරිසක් මේ අවස්ථාව සඳහා සහභාගි වී සිටියහ.