මගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස කථානායකවරයාගෙන් ද ඉල්ලා සිටි බවත් මෙතෙක් එම ආරක්ෂාව ලබාදී නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) ප්‍රකාශ කෙළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා මේ බව සඳහන් කෙළේ පාර්ලිමේන්තුවේදී ක්‍රීඩා අමාත්‍යාංශ වැය ශීර්ෂය සම්බන්ධයෙන් සිය අදහස් දක්වමිනි.
තවදුරටත් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
කවර ආකාරයේ බලපෑම් එල්ල වුවද නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටීම සිදු කරනවා.
අපි වාහනවල පිරෙන්න ෆයිල් ගොඩගහගෙන හිටියත් වැඩක් නෑ. හොරා අල්ලන්නේ නැතිව. නැත්තන් කියන්න පුළුවන් දූෂණ, දූෂණ කියලා ෆයිල් තියෙනවා කියලා. අපි හොරු ඇල්ලුවා. ඒ නිකන්ම නොවෙයි, විගණනයෙන්. මේ රටේ තවදුරටත් ශක්තිමත් කරන්න ඕනෑ විගණනය. විගණන දෙපාර්තමේන්තුවට දෙන්න ඕනෑ බලතල. ඒ අනුව අන පනත්වලින් නඩු පවරන්නත්, දඬුවම් දෙන්නත්, තනතුරුවලින් අස් කරන්නත් විගණනයට දෙන්න ඕනෑ බලතල. එහෙම නැතුව මේ රට හදන්න හදනවා නම් ඒක වෙන්නේ නෑ. 2018 ඉඳලා නීතිපති දෙපාර්තමේන්තුවට යවලා තියෙනවා ක්‍රීඩාවේ දූෂණවලට නඩු පවරන්න. නඩු පවරලා නෑ.