සිය නඩුවකින් ඉවත් වූ විනිසුරුවරයකුට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී ශාප කර ඇති බවත් පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් ඒ අයුරින් විනිසුරුවන්ට ශාප කළහොත් ඉදිරියේදී සිදුවන දේවල් සිතාගත නොහැකි බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ (04) ප්‍රකාශ කෙළේය.
ඇමැති විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (04) අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසීය. රිෂාඩ් බදියුදීන් මහතාගේ නඩු කටයුත්තකින් මීට පෙරද විනිසුරුවරුන් කිහිපදෙනකු ඉවත්වී තිබෙනවා.
එම විනිසුරුවරුන් ඉවත් වීමට හේතු හෙළි කළහොත් රිෂාඩ් බදියුදීන් මහතාට කැළලක් ඇති වෙනවා. පසුගිය 2 වැනිදා අධිකරණ අමාත්‍යාංශ වැය ශීර්ෂය විවාදය ලක් වන අවස්ථාවේදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීතුමා තමන්ගේ නඩුවක් සම්බන්ධයෙන් අදහස් දක්වලා කියලා තියෙනවා ඒ නඩුකාරතුමාට ශාප කරනවා කියලා. ඔහු කියන හැටියට ඒ නඩුව මුස්ලිම් විනිසුරුවරයෙක් ඉදිරියේ ගත්ත වේලාවේ ඒ නඩුව අහන එක ප්‍රතික්ෂේප කළ නිසා තමයි එහෙම කිව්වේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ මුස්ලිම් විනිසුරුවරු දහදෙනෙක් නැහැ. ඉන්නේ එක්කෙනයි. ඒ තමයි නවාස් විනිසුරුතුමා. රිෂාඩ් බදියුදීන් මැතිතුමා තමන්ගේ මූලික අයිතිවාසිකම් නඩුව මුලින්ම අහපු වේලාවේ ජනක් ද සිල්වා විල්පත්තුවේ වන සංහාරයට වන්දි ගෙවන්න කියලා කලින් තීන්දුවක් දීලා තිබුණා. ඒ හේතුව නිසා වෙන්නට ඇති එතුමා ඉවත් වුණේ. දෙවනුව සමයවර්ධන විනිසුරුතුමා නඩුවෙන් ඉවත් වුණා. එහෙම ඉවත් වෙද්දි ඒකට හේතු දක්වන්න අවශ්‍යතාවක් නැහැ. හෘද සාක්ෂියට එකඟව නඩු කටයුත්ත කරන්න බැරි නම් ඉවත් වන එක තමයි ලෝක ධර්මය. තෙවනුව යසන්ත කෝදාගොඩ ඉවත් වුණා. ඒ ඉවත් වීමට හේතුව මම කියන්න යන්නේ නැහැ. මොකද හේතුව කිව්වොත් රිෂාඩ් බදියුදීන් මැතිතුමාට ලොකු කැළලක් වේවි. නවාස් විනිසුරුතුමා ඉවත් වුණේ සිවුවැනියා ලෙස. මේ නඩුව එතුමා ඉදිරියේ අහන්න ජ්‍යෙෂ්ඨ නීතිඥතුමාට අවශ්‍යතාවක් තියෙනවා. පසුදින ජ්‍යෙෂ්ඨ නීතිඥතුමා හමුවුණු වේලාවක කියලා මේ නඩවු එතුමා ඉදිරියේ අහන්න අවශ්‍යතාවක් නැහැ කියලා. මේ සම්බන්ධයෙන් නවාස් විනිසුරුතුමා අගවිනිසුරුතුමා දැනුවත් කරලා තියෙනවා. එතුමා ජාතිවාදය කරපින්නාගෙන වැඩ කරන්නේ නැහැ.
වරප්‍රසාද පාවිච්චි කරලා විනිසුරුවරුන්ට ශාප කරන්න ගියොත් මොකක් වෙයිද? කොහොමද විධායකය, ව්‍යවස්ථාදාකය, අධිකරණය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එකට වැඩ කරන්නෙ. අනිත් එක අපි ව්‍යවස්ථාදායකය නියෝජනය කරන අය හැටියට අපිව විවේචනය කරන්න ඕනෑම කෙනකුට අයිතිය තියෙනවා. ඒ වගේම අපිටත් අයිතියක් තියෙනවා පෙරළා විවේචනය කරන්න. රාජකාරිය හරියට කරන විනිසුරුවරයකුට ශාප කරන්නේ මන්ද මානසික තත්ත්වයකින්. ඒ වගේ වචන කවුද පාවිච්චි කරන්නේ. එතුමා කිව්වා ඒ විනිසුරුතුමා රාජපක්ෂලාගේ නඩු අහනවා කියලා. රාජපක්ෂලාගේ සෙවණේ සිට වසර දහයක් ඇමැතිකම් කළා. එතකොට ශාප කිසිවක් නැහැ. විනිසුරුතුමන් එවැනි නඩුවක් අහලත් නැහැ.
එතුමා කළ ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සමාව අයදින්න කියන්න. විවිධ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ අධිකරණයේ විනිසුරුන්ට අවලාද, චෝදනා කිරීම නැවැත්වීමට කථානායකවරයා කටයුතු කළ යුතුයි.