කතාවට පමණක් සීමා නොවී දරුවන් සහ කාන්තාවන් වෙනුවෙන් සැබෑ ලෙසම පෙනී සිටින්නැයි ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) ප්‍රකාශ කළේය.
කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසීය.
තවදුරටත් රාජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසීය.
කාන්තාවන් හා ළමයින් ගැන කතා කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. දරුවන් වෙනුවෙන් කරන ආයෝජනය හොඳම ආයෝජනයක් වෙනවා.
මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් මාසය දක්වා දරුවන් 8362ක් අපයෝජනයට ලක්ව තිබෙනවා. සැප්තැම්බර් මාසයේ දරුවන් 166ක් සහ ඔක්තෝබර් මාසයේදී දරුවන් 122ක් දූෂණය වී තිබෙනවා. ළමා අපයෝජන සංඛ්‍යාව මීටත් වැඩියි. කාන්තා අපයෝජන 2612ක් සම්බන්ධයෙන් වාර්තා වී තිබෙනවා. මෙම තත්ත්වය වළක්වා ගැනීමට නම් ඒකාබද්ධ ප්‍රවේශයෙන් අපි සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුයි. නිලධාරීන් පමණක් නොව ඇතැම් දේශපාලනඥයින් ද දෙපැත්තේ ඉඳිමින් අද වන විට ක්‍රීඩාව නැත්තටම නැති කර තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව වළපල්ලට දමමින්, ඇතැමුන් දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ දරන බව පේනවා. එසේ නොකළ යුතුයි .