Home » කාන්තා නිලධාරිනියන්ට ත්‍රිවිධ හමුදාවේ උසස්ම නිලයට යා හැකි ආකාරයට නියෝග යාවත්කාලීන කරනවා

කාන්තා නිලධාරිනියන්ට ත්‍රිවිධ හමුදාවේ උසස්ම නිලයට යා හැකි ආකාරයට නියෝග යාවත්කාලීන කරනවා

-රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

by sachintha
December 5, 2023 1:00 am 0 comment

කාන්තා නිලධාරිනියන්ට ත්‍රිවිධ හමුදාවේ උසස්ම නිලයට යා හැකි ආකාරයට යුද්ධ හමුදා කාන්තා බළකා නියෝග යාවත්කාලීන කරන බව රාජ්‍ය ආරක්ෂක ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) පැවසීය.

මේ සම්බන්ධව කෙටුම්පත සකසා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙන බවද තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

කාන්තා නිලධාරිනියකට දැනට උපරිම අයුරින් ලබන්න හැකි වන්නේ මේජර් ශ්‍රේණිය පමණක් බව ද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට සහභාගි වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT