Home » කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කරන සමාජයක් නිර්මාණය කරන්න කැප විය යුතුයි

කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කරන සමාජයක් නිර්මාණය කරන්න කැප විය යුතුයි

- මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය

by sachintha
December 5, 2023 1:00 am 0 comment

කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන සමාජයක් නිර්මාණය කිරීමට කැප විය යුතු යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (04) පැවසුවාය.

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ පැවැති විවාදයට එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය.

මන්ත්‍රීවරිය මෙසේද පැවසුවාය.

මේ රටේ සියයට පනස් දෙකක් වන ගැහැනු ප්‍රජාවට මෙවර අය වැයෙන් ප්‍රතිපාදන සියයට පනස් එකක් කපලා. අපිට මේ ආණ්ඩුව එක්ක ප්‍රතිසංස්කරණවාදී සාකච්ඡා නෑ. මෙතන පනත් ගේනවා, ඒවා කාන්තාවන් වෙනුවෙන් ඉදිරිපත් කරනවා. කොමිෂන් සභා ද අරවද මේවද අදාළ නෑ. මොකද මේ වෙද්දී ඔවුන්ගේ ඇත්ත හෙළිදරව් කරමින් තියෙන නිසා. මේ රටේ කාන්තාවන්ට උද්ඝෝෂණ කරන්න බැහැ. අපේ උද්ඝෝෂණයට අද පහර දුන්නා. මේ පාලකයන් ගෙදර යවන වැඩේ වැඩිදුර නෑ. දුෂ්ට නපුරු අසංවේදී පාලනය ඉවර කරන, තිත තියෙන වැඩේට ගැහැනුන් හැටියට ඒක ආරම්භ කරන්න ඕනෑ. ගැහැනුන් ගැන ඇත්තටම හිතන්න පුළුවන් ගැහැනුන්ගේ අවශ්‍යතා ප්‍රශ්නවලට ප්‍රමුඛතාවක් දෙන, ගැහැනුන් පිළිබඳ තේරුම් ගන්න පුළුවන් අයට. මේ විදිහට පීඩාවට පත් නොකරන පාලනයක් අපි පත් කරගන්න වෙනදාට වඩා මහන්සි වෙනවා කියලා අපි ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම මේ රටේ හැම ගැහැනු කෙනෙක්ම මේ තීරණයට එනවා කියලා මට විශ්වාසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT