319
ඒකාබද්ධ සේවයේ නියුතු කළමනාකරණ සේවා නිලධාරීන් ස්ථානගත කිරීමේදී ඇති වී තිබෙන ගැටලු විසඳීමට කටයුතු කරන බව පරිපාලන සහ ස්වදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා අද (04) පාර්ලිමේන්තුවේදී පැවසීය.
කළමනාකරණ සේවයේ ඇති පුරප්පාඩු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැති මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසීය. රාජ්‍ය කළමනාකරණ සේවයේ නිලධාරීන් බඳවා ගැනීමෙන් පසු ස්ථානගත කිරීමේදී නුසුදුසු ආකාරයෙන් සිදු වී තිබෙනවා. ඒ සඳහා සාධාරණ විසඳුමක් ලබාදීමට කටයුතු කරනවා.