Home » ළමා අපයෝජන නඩු 18035ක් අධිකරණයේ විභාග වෙමින් පවතිනවා

ළමා අපයෝජන නඩු 18035ක් අධිකරණයේ විභාග වෙමින් පවතිනවා

-මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම

by sachintha
December 5, 2023 1:00 am 0 comment

ළමා අපයෝජන නඩු 18035ක් අධිකරණ පද්ධතියේ මේ වන විට විභාග වෙමින් පවතින බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තුවේ දී ඊයේ (04) ප්‍රකාශ කෙළේය.

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව කීය.

තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.

මේ වසරේ මේ වන විට මහාධිකරණ තිස් හතරක ළමා අපයෝජන නඩු 5550ක් විභාග වෙනවා. ඒ වගේම මහේස්ත්‍රාත් අධිකරණ එකසිය පහක නඩු 12485ක් විභාග වෙනවා. සමහර නඩු වසර දහයක් තිස්සේ. සමස්ත සංඛ්‍යාව 18035ක්. පොලිසියට ලැබුණු පැමිණිලි විතරක් තියෙනවා 5698ක්. අර්බුදයේ දිග පළල ගැන දැන ගන්න මීට වඩා තොරතුරු අවශ්‍ය නැහැ. අපේ රට දරුවන්ට ගාසා තීරයක් වෙලා. අපයෝජන සිදුවීම් දහයකින් හතක පැමිණිල්ලක්වත් ඉදිරිපත් නොකෙ‍ෙරන බව සමීක්ෂණයකින් හෙළි වෙලා තියෙනවා.

නමුත් පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මේ අමාත්‍යාංශයට වෙන් කර තිබෙන මුදල අඩුයි. රාජ්‍ය නායකයා එතරම් ප්‍රාථමික තීන්දුවක් ගත්තේ ඇයි කියලා මම දන්නේ නැහැ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT