509
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහට අදහස් දැක්වීම සඳහා වත්මන් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ඊයේ (04) වේලාව ලබා දුන්නේය. මෙම විවාදයේ දී අදහස් දැක්වීම සඳහා පසුගිය අඟහරුවාදා සිට වෙලාව ඉල්ලා සිටි නමුත් තමන්ට වෙලාව වෙන් කර නොමැති බව මන්ත්‍රීවරයා කතානායක මහින්ද යාපා අබේවර්ධන දැනුවත් කළේ ඊයේ (04) දිනට නියමිත කටයුතු ආරම්භයේදීමය.
ඒ අනුව රොෂාන් රණසිංහ මහතාට තමාගේ වෙලාවෙන් විනාඩි 10ක කාලයක් ලබාදෙන බව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සභාවට දැනුම් දුන්නේය.
ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න