අධික වර්ෂාව හේතුවෙන් කැඩීයෑමේ අවදානමක පැවැති වැවක් යුද හමුදාව, සිවිල් ආරක්ෂක බළකාය සහ පොලිසිය එක්ව පෙරේදා (03) බේරා ගැනීමට කටයුතු කෙරිණ.
මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 570 තුලාන මාන්කුලම වැව සොරොව්ව අසලින් එක්වරම කඩාගෙන ගොස් තිබූ අතර, පසුව මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මැදිහත්ව කනදරාව යුද හමුදා කඳවුරේ නිලධාරීන්, මිහින්තලය සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීන් සහ මිහින්තලය පොලිසිය එක්ව පෙරේදා (02) රාත්‍රියේ සිට වැලිකොට්ට ගසා වැව් බැම්ම ආරක්ෂා කර ගැනීමට කටයුතු කර තිබිණ.
දැඩි වර්ෂාව හමුවේ වුවද එම නිලධාරීන් වැව ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරා තිබේ. ප්‍රදේශවාසීන් පවසන්නේ වසර දෙකක පමණ කාලයක සිට මෙම ස්ථානයෙන් ජලය කාන්දු වුවත් බලධාරීන් කොතෙක් දැනුම්වත් කළත් ඔවුන් නිසි විසඳුමක් නොගත් බැවින් මෙවැනි තත්ත්වයක් උදා වී ඇති බවයි.
අනුරාධපුර අතිරේක – අමිල ප්‍රභාත් වනසිංහ
293