226
හිඟුරක්ගොඩ නගරය මැදින් ගලා බසින යෝධ ඇළෙහි තිබී නාඳුනන පුද්ගලයකුගේ මළ සිරුරක් ඊයේ (04) උදෑසන හමුව ඇතැයි හිඟුරක්ගොඩ පොලිසිය පැවසීය.
උදෑසන 8.00ට පමණ මාර්ගයේ ගමන් ගත් පුද්ගලයන් විසින් ඇළේ පාවෙමින් තිබූ මළ සිරුර දැක ඇති අතර, පසුව පොලිසිය දැනුම්වත් කර තිබේ. මරණය පිළිබද මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ පැවැත්වීමට නියමිතව තිබුණි.
හිඟුරක්ගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක විමලදාස මහතාගේ මඟපෙන්වීම මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සෙනවිරත්න, කොස්තාපල් නිමල් (68590) යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
මින්නේරිය සමූහ – සුසිල් කරුණාතිලක