Home » වී වපුරමින් සිටි ගොවියා අකුණු පහරට බිලි‍ ෙවයි

වී වපුරමින් සිටි ගොවියා අකුණු පහරට බිලි‍ ෙවයි

by sachintha
December 5, 2023 1:00 am 0 comment

ගලේවෙල ප්‍රදේශයේ කුඹුරක වී වපුරමින් සිටි ගොවියකු පෙරේදා (03) අකුණු සර වැදීමෙන් මියගොස් ඇතැයි ගලේවෙල පොලිසිය පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල, බුලාගල ප්‍රදේශයේ පදිංචි එම්.ඒ. සෝමතිලක නමැති 60 හැවිරිදි දෙදරු පියෙකි. පවුලේ පිරිස සමඟ ඔවුන්ගේ කුඹුරුක වී වපුරමින් සිටියදී වර්ෂාවත් සමඟ එකවරම අකුණු සර එල්ල වීම හේතුවෙන් පිරිස නියරක් මත රැඳී සිට ඇති අතර, එක්වරම එල්ලවූ අකුණු පහරකට ගොවි මහතා මඳ දුරක් විසිවී ගිය බව ඇසින් දුටු ඥාතීහු පවසති. පසුව කඩිනමින් ඔහුව ගලේවෙල රෝහලට රැගෙන ගිය බවත්, ඒ වන විටද ඔහු මියගොස් තිබුණු බවත් ඥාතීහු කියා සිටියහ.
සීගිරිය විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT