Home » සංචාරක නිකේතනයක නිදන් හෑරූ නවයකට වැඩ වරදී

සංචාරක නිකේතනයක නිදන් හෑරූ නවයකට වැඩ වරදී

by sachintha
December 5, 2023 1:00 am 0 comment

නිකේතනයේ හිමිකරුත් අත්අඩංගුවට

කල්පිටියේ තේතා වාඩිය ප්‍රධාන පෙළේ සංචාරක නිකේතනයක් තුළ බිම කණිමින් නිධානයක් ගැනීමට යාතිකා කරමින් සිටි නිකේතනයේ හිමිකරු ඇතුළු පුද්ලයින් නව දෙනකු ඊයේ (4) උදෑසන කල්පිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. සංචාරක නිකේතනය කැණීම සඳහා යොදා ගත් සවල් දෙකක්, උදලු හතරක්, අලවංගුවක් සහ සුදු රෙදි, මී පැණි, පිනි දියර, රත් හඳුන්, සුදු හඳුන් ආදී පූජා භාණ්ඩ රැසක් ද මේ සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
යකැදුරු දුම්මලසූරිය පදිංචිකරුවකු වන අතර, ඔහුගේ සහායකයින් වශයෙන් තවත් හතර දෙනකු ද සංචාරක නිකේතනයේ හිමිකරු ඇතුළු කල්පිටියේ පදිංචිකරුවන් සිවු දෙනකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. මීට දින ගණනාවකට පෙර මෙම නිධානයේ කැණීම් කටයුතු අරඹා ඇති අතර, ඊයේ (4) දිනට සිවු දිනකි.

කල්පිටිය පොලිසියට ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. කල්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාර මහතාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් (69736) සංජීව, පොලිස් කොස්තාපල්වරුන් වන (81833) රුවන්, (98782) සිල්වා, (98791) ගයාන් සහ (102559) ජයකොඩි මෙම වැටලීම සිදු කොට ඇත.
කල්පිටිය සමූහ – කුමාරි පද්මලතා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT