259
මාතර බෝධි ආරක්ෂක සභාවේ සාරධර්ම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මාතර අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් දරු දැරියන් වෙනුවෙන් බොදු පැනමුතු තරඟයක් මාර/ මහාමායා බාලිකා විද්‍යාලයේදී පැවැත්විණි.
මෙම තරඟය සඳහා මාතර අධ්‍යාපන කලාපයේ පාසල් 23ක සිසු සිසුවියන් 115ක් ඉදිරිපත්ව සිටියහ. මහාසංඝ රත්නයේ ආශිර්වාදය සහිතව මාතර බෝධි ආරක්ෂක සභාවේ හා මාතර කලාප අධ්‍යාපන කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබුණි. මේ අවස්ථාවට මහාසංඝ රත්නය, පාසල් දරු දැරියන්, ගුරුභවතුන්, මාතර කලාප අධයාපන කාර්යාලයේ හා මාතර බෝධි ආරක්ෂක සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
අකුරැස්ස මධ්‍යම විශේෂ – විජිත සල්ගාදු