සයිප්රසයේ අන්තර්ජාතික ලනාකා මැරතන් ධාවන පථයේ පැවැති මැරතන් තරගයේදී ජයග්රහණය නොව ශ්රී ලංකා ධජය ප්රදර්ශනය කිරීමේ අරමුණින් පමණක් සහභාගී වූ ශ්රී ලංකාවේ නිම්නාස් රිස්වි තරගය සාර්ථකව නිම කරයි. ඔහු මැරතන් ක්රීඩකයෙකු නොවූවද විශාල මුදලක් වැයකොට මෙම තරගයට සහභාගී වී ඇත්තේ තමා උපන් රට අනෙක් දැවැන්ත රටවල් අතරේ ප්රදර්ශනය කිරීමේ අරමුණින් වේ.
ශ්රී ලංකාවට අසීමිතව ආදරය කරන රිස්වාන් ගාල්ල ප්රදේශයේ උපත ලබා දැනට එංගලන්තයේ රැකියාවක නිරත වේ. “සයිප්රස් මැරතන් තරගයට ශ්රී ලාංකිකයන් කිසිවෙක් සහභාගී වුණේ නෑ. මම මගේ රට නියෝජනය කරමින් තරග වැදුණා. මා ජය ගත්තේ නෑ. නමුත් අපේ සිංහ කොඩිය අර්බුදකාරී තත්ත්වයක් තුළ ලෝකයටම පෙන්වීම මා ලැබූ විශාල ජයක්“ නිම්නාස් රිස්වි තරගයෙන් අනතුරුව පැවැසීය.